Sunday, September 22, 2024

වකුගඩුවල සුවයට

ඔබේ වකුගඩු නිරෝගීව තබා ගන්න. මේ උපදෙස් පිළිපදින්න.

ඔබේ මුත්‍රා ළා කහපාටින් (පිදුරුවල පාට) තිබිය යුතුය. ඒ සඳහා හැකි තරම් වතුර බොන්න. දිනකට වතුර වීදුරු 8ක්වත් බීමට උත්සාහ කරන්න. වතුර වැඩිපුර බීමෙන් වකුගඩු හොඳින් ක්‍රියා කරයි.

රුධිර පීඩනය මනින්න.

අධික රුධිර පීඩනය නිසා ඔබේ වකුගඩු වෙහෙසට පත් වේ. එහෙයින් ඔබේ රුධිර පීඩන මට්ටම සාමාන්‍ය තත්ත්වයේ පවත්වා ගන්න. වෛද්‍යවරයා හෝ සායනය වෙත ගොස් රුධිර පීඩනය මැන බලන්න. රුධිර පීඩනය වැඩි නම් හෝ අඩු නම් වෛද්‍ය උපදෙස් පතන්න.

දුම්බීම නතර කරන්න.

දුම්වැටි පිළිකාකාරක පමණක් නොවේ. හෘදයාබාධ හා වෙනත් බෝ නොවන රෝගවලටත් හේතු වේ. සුළුවෙන් හෝ ඔබේ වකුගඩු දුර්වල වී ඇත්නම් දුම් බීමෙන් එම තත්ත්වය උග්‍ර වෙනවා.

බර අඩු කර ගන්න.

ඔබේ උසට සරිලන බරක් පවත්වා ගැනීම වැදගත්. ව්‍යායාම හා ක්‍රියාශීලී දිවිපෙවෙත මඟින් සිහින් සිරුරක් ලබා ගන්න. වකුගඩුවල ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වා ගැනීමට සිහිනි සිරුරු ද උපකාරී වේ.

මත්වතුර බීම අත් හරින්න.

වෛද්‍ය උපදෙස් මත ලබා ගන්නා දෙයක් හැර මත් වතුරෙන් ඈත්ව සිටීම අධික රුධිර පීඩනය මෙන් ම වකුගඩු රෝග ද වළක්වාලයි.

වේදනා නාශක හැකි තරම් අඩු කරන්න.

හැකි තරම් දුරට වේදනා නාශක භාවිතය අඩු කරන්න. ස්ටීරොයිඩ් රහිත වේදනා නාශක වුවද පමණට වඩා නොගත යුතුය. හැම විටම වේදනා නාශක ගැනීම මෙන්ම දිගුකාලීනව ඒවා ගැනීම ද සුදුසු නැත.

නිතිපතා ව්‍යායාම කරන්න.

ඔබට ලෙඩක් ඇතත් නැතත් සතියකට දින 3 – 4 ක් පැය 1/2 බැගින් ව්‍යායාම කරන්න. එය දිනපතා කළ හැකි නම් වඩා සුදුසුයි. ඇවිදීම, සෙමෙන් දිවීම, පිහිනීම හා බයිසිකල් පැදීම ඉතා සුදුසුයි. අවම වශයෙන් සතියකට මිනිත්තු 150 ක් ව්‍යායාම කළ යුතුය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles