මැදිරිගිරියේ සිසුහු 41 ක් සුර්වී අත් කපාගෙන

0
424

මැදිරිගිරිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසලක 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් පිරිසක් කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කොට ඔවුන්ගේ අත් තියුණු ලෙස කපාගෙන සිටියදී පොලිස් බාරයට ගත් බව මැදිරිගිරිය පොලිසිය කියයි.

පොලිස් බාරයට පත් සිසුන් 41 දෙනකුගෙන් 32ක්ම ඔවුන්ගේ අත් තියුණු ලෙස කපාගෙන තිබූ අතර අත් කපාගෙන සිටි සිසුවියන් 7කටද පොලිසිය දැඩි ලෙස අවවාද කොට ඔවුන් මව්පියන්ට බාරදී ඇත.

මෙම සිද්ධිය සිදුවූ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට පාසලේ සිසුන් පිරිසකගේ අසාමාන්‍ය හැසිරීම දකින්නට ලැබී ඔවුන් කැඳවා පරීක්‍ෂා කිරීමේදී සිසුන් 32 ක් අත් කපාගෙන තුවාල කරගෙන තිබූ බව පෙනීගොස් ඇති අතර ඔහු මේ පිළිබඳව පොලිසියට ලබා දුන් තොරතුරක් මත එම සිසුන් පොලිස් බාරයට ගෙන ඇත.

මෙලෙස පාසල තුළදීම පොලිස් බාරයට ගත් සිසුන් මැදිරිගිරිය පොලිසියට කැඳවාගෙන එද්දී එක් සිසුවකු ඔහු සතුව තිබූ මත්ද්‍රව්‍ය විශේෂයක් ඉවත දමද්දී පොලිසිය එම මත්ද්‍රව්‍ය විශේෂය ද සිය බාරයට ගෙන ඇත.

පාසල් සිසුන්ට මෙම මත්ද්‍රව්‍ය ලැබෙන්නේ කෙසේදැයි යන්න මෙතෙක් අනාවරණය නොවූ බව පොලිසිය කීය.

පොළොන්නරුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි විජේරත්න, හිඟුරක්ගොඩ සහකාර පොලිස් අධිකාරී තිස්ස ලාල් ද සිල්වා සහ මැදිරිගිරිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක එන්.ජී.එස්. ජයලත් යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here