ලක්සලේ හිටපු සභාපති අනිල් කොස්වත්තටත් නොතිසි

0
330

ප‍්‍රසම්පාදන කි‍්‍රයාවලියට පටහැනිව ජාතික කෞකුකාගාර භූමිය තුළ ‘ලක්සල අලෙවිසැල්’ ඉදිකිරීමේ කොන්ත‍්‍රාත්තුවක් පෞද්ගලික ආයතනයකට ලබා දීමෙන් අල්ලස් පනතේ දුෂණය නම් වරද සිදු කළැයි  ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ (ලක්සල) හිටපු සභාපති අනිල් කොස්වත්ත මහතා සහ එම මණ්ඩලයේ අධ්‍යක්ෂවරුන් තිදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම අද (13) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.

ඒ අනුව ලබන සැප්තැම්බර් මස 14 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු ඉදිරිපත් කරන ලෙසට ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් චුදිතයින්ට නොතිසි නිකුත් කරනු ලැබීය.

අල්ලස් කොමිසම වෙනුවෙන් අල්ලස් නිලධාරී ඊ. එම්. බණ්ඩාර, ප‍්‍රියන්ත, රණතුංග යන මහත්වරුන් අධිකරණය හමුවේ නඩු ගොනු කරනු ලැබූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here