මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳ අලුත් උසාවියක්-ඇමති රාජිත

0
333

මහා පරිමාණ දූෂණ වංචා සම්බන්ධයෙන් කරුණු විභාගකොට තීන්දු තීරණ ලබාදිය හැකි විශේෂ අධිකරණ පද්ධතියක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත විශේෂ අධිකරණ පද්ධතිය පිහිටුවීමේ කැබිනට් පත්‍රිකාව ඉදිරි සතියේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.  මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන, කොමිසම, මූල්‍ය අපරාධ කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යනාදී ආයතන විසින් කරන විමර්ශනයන් සම්බන්ධයෙන් කරුණු වාර්තා කරනුයේ අනෙකුත් නඩු විභාගයට ගන්නා අධිකරණ පද්ධතියටමය.
නව අධිකරණ පද්ධතිය ස්ථාපිත කිරීමෙන් අනතුරුව ඔවුන්ට මහා පරිමාණ අපරාධයන්හි විමර්ශන එම අධිකරණය වෙත වාර්තා කළ හැකිය.
හොරුන්ට දඬුවම් දුන්නේ නැතැයි කියන චෝදනාවට පිළිතුරක් ලෙස නව අධිකරණ පද්ධතියක් පිහිටුවා නඩු ඉක්මනින් විමසා අවසන් කිරීම වෙනුවෙන් මෙම අධිකරණ පද්ධතිය පිහිටුවීමට අපේක්ෂා කරන බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, ‍පෝෂණ හා දේශීිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න  ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here