දකුණු පළාතෙන් නව තරග වාර්තා 08ක්

0
425

27 වන වරට පැවති දකුණු පළාත් ක්‍රීඩා උළලේ දී නව තරග වාර්තා 08ක් බිහි වී තිබේ.

උස පැනීමේ ඉසව්වෙන් මංජුල කුමාර මීටර දෙකයි දශම එකයි එකක් වාර්තා කරමින් නව වාර්තාවක් බිහි කිරීමට සමත් විය.

එසේම හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ඩී එස් රණසිංහ නව වාර්තාවක් බිහිකළේ මීටර් 75.43ක දක්ෂතාවක් දක්වමිනි.

මිටිය විසි කිරීමේ ඉසව්වෙන් සිසිර කුමාරත්, රිටි පැනීමේ ඉසව්වෙන් ඉෂාර මාධවීත්, මීටර් සියය ඉසව්වෙන් ඉවන්ති ඉමේෂිකාත්, මීටර් 200 ඉසව්වෙන් විනෝද් සුරංජයත් නව වාර්තා බිහි කිරීමට සමත් විය.

මීටර් 400 ඉසව්ව තත්පර 54.9 කින් අවසන් කර නව වාර්තාවක් බිහි කළ හම්බන්තොට එල් ඒ නිමාලි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය.

මීටර් 100 ඉසව්ව තත්පර 10.28කින් නිම කර නව වාර්තාවක් බිහි කළ විනෝද් සුරංජය දක්ෂතම ක්‍රීඩකයා විය.

දකුණු පළාත් ක්‍රීඩා උළෙල නිමාවට පත්වූයේ ගාල්ල දිස්ත්‍රික්කයට සමස්ත ශූරතාව හිමිකර දෙමිනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here