රනිල් ඉවත් කර මංගල සමරවීර අගමැතිකමට..?

0
656

එජාප ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම අවසන් වීමෙන් පසුව ශ‍්‍රීලනිප පිරිසක් ඉවත් විමෙන් ඇති වන අර්බුදකාරී තත්වය මගහරවා ගැනීම සදහා රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කර මංගල සමරවීර මහතා අගමැති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වී ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංගද මේ සදහා මැදිහත් වෙමින් සිටින බවත් සමරවීර මහතා පත් කිරීම මගින් එක්සත් ජාතික පක්‍ෂයේ ඇතිවන විරෝධතා පාලනය කිරීමට පහසු වනු ඇතැයිද අදහස වී ඇත.

මංගල සමරවීර මහතා අගමැති ධුරයට පත් කර මෙම තත්වය පාලනය කරන ලෙස එජාපයේ මෙන්ම ශ‍්‍රීලනිපයේ ඇතැම් මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලීම් ලැබී ඇතැයිද වාර්තා වන අතර එමගින් ආණ්ඩුවේ 2/3 බලය තව දුරටත් පවත්වාගෙන යා හැකි වනු ඇතැයිද මෙම කණ්ඩායම් පෙන්වා දී ඇත. උපුටා ගැනීම ලංකා සී නිව්ස්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here