ජාතික ධජය බිම දමා පලා ගිහින්

0
531

වවුනියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ඔසවා තිබූ ජාතික ධජය අද (25) උදෑසන මෝටර් රථයකින් පැමිණි කිසියම් පුද්ගලයකු විසින් බිම දමා පලා ගොස් ඇතැයි වවුනියාව පොලීසිය පවසයි.

කළු පැහැති මෝටර් රථයකින් පැමිණි තනි පුද්ගලයෙකු මෙලෙස ජාතික කොඩිය ගලවා බිම දමා යන අවස්ථාවේ පොලිස් නිලධාරින් මොටර් රථය නැවත්වීමට උත්සාහ දරා ඇතැත් එම පොලිස් නිලධාරින් දෙසට මෝටර් රථය ධාවනය කර පලා ගොස් ඇතැයි දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ සිටි පොලිස් නිලධාරීන් පවසා ඇත.

මේ පිළිබඳ වවුනියාව දිසාපති එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා විසින් වවුනියාව පොලිසියට දැනුම් දී ඇත.මෙසේ බිම දමන ලද ජාතික ධජය නැවත එසවීමටද වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාල නිලධාරීන් පියවර ගෙන ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here