තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට

0
657

හමුදා ආරක්ෂාව යටතේ ඉන්ධන රැගත් ප්‍රථම තෙල් දුම්රිය මීට සුළු මොහොතකට පෙර ඛනිජ තෙල් නිතිගත සංස්ථාවෙන් පිටත්ව ගියේය.

කොළොන්නාව තෙල් සංකීර්ණය අසල උණුසුම් – update

කොළොන්නාව තෙල් සංකීර්ණය අසල රැදී සිටි සේවකයින් පිරිසක් ඉවත් කිරීමට යාමේ දී උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබේ.

එහි දී කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 12 දෙනෙකු අත්අඩංගුව ගෙන ඇත.

තෙල් බවුසර් කොළොන්නාවෙන් පිටත් වෙයි – update

යුධ හමුදාවේ මැදිහත්වීමෙන් තෙල් බවුසර් 15ක් කොළොන්නාවෙන් පිටත් කර ඇති බව යුධ හමුදාව පවසයි.

ඒ අනුව අද පස්වරුව වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු යථා තත්ත්වයට පත් කරන බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here