හදිසි ගිලන් රථ සේවාව අඛණ්ඩව කරන්න කැබිනට් අනුමැතිය

0
715

ශ්‍රි ලංකාව තුළ දැනට ක්‍රියාත්මක හදිසි පුර්ව රෝහලේ ප්‍රතිකාර  ගිලන්  රථ සේවාව අඛණ්ඩ  ක්‍රියාත්මක කිරිම සඳහා  කැබිනට්  මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඉකුත් 2016 වසරේ ජුලි 29 වැනිදා ආරම්භ කළ ඉන්දීයානු රජයේ අනුග්‍රාහකත්වය යටතේ  ක්‍රියාත්මක එම ගිලන් රථ සේවය බස්නාහිර හා දකුණු  පළාත්වල ස්ථාපිත කර  වසරක කාලයක්  ගෙවී  ගොස්  තිබෙන අතර එහි  කාලය  මේ මාසයේ දී  අවසන් විමට නියමිතය.

එම කාලය තුළ හදිසි  ප්‍රතිචාර  මධ්‍යස්ථානයට  දුරකථන ඇමතුම් 236,000 ක් ලැබී  තිබුණු අතර  මිනිත්තු  12.52 ක සාමාන්‍ය  ප්‍රතිචාර  කාලයකින් යුතුව දිනකට  රෝගීන් 130 -135 ක් අතර රෝගීන් ප්‍රමාණයක්  ප්‍රවාහනය කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here