අප්‍රිකානු කලාපය සමඟ ආර්ථික සබඳතා පුළුල් කර ගැනීමට රවීගෙන් යෝජනාවක්

0
328

අප්‍රිකානු කලාපය සමඟ ශ්‍රී ලංකාව විසින් පවත්වාගෙන යනු ලබන සබඳතා, විශේෂයෙන්ම ආර්ථික සබඳතා පුළුල් කරගැනීමේදී බටහිර අප්‍රිකානු රටවල ආර්ථික ප්‍රජාව තුළ ශ්‍රී ලංකාව සඳහා පිළිගැනීමේ තත්ත්වය ලබාගැනීම වැදගත් වේ. ඒ අනුව ඒ සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු සිදු කිරීම පිණිස විදේශ කට‍යුතු අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

බටහිර අප්‍රිකානු රටවල ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම, ආ‍ර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම හා පුළුල් කිරීම, සාමාජික රටවල් අතර සබඳතා වැඩිදියුණු කිරීම, අප්‍රිකානු මහාද්වීපයේ ප්‍රගතිය හා සංවර්ධනය සඳහා අනුගත වීම යන අරමුණු පෙරදැරිව බටහිර අප්‍රිකානු රටවල ආර්ථික ප්‍රජාව (ECOWAS) 1995 වර්ෂයේදී ස්ථාපිත කෙ‍රුණු අතර, බටහිර අප්‍රිකානු රටවල් 15ක් එහි සාමාජිකත්වය දරයි. ඒ අතුරින් රටවල් 12ක් සමඟ ශ්‍රී ලංකාව විසින් දැනට රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යනු ලැබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here