හිටපු උප පොලිස් පරීක්ෂක හා බිරිය යළි රිමාන්ඩ්

0
767

ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා ලබාදෙන බව කියමින් රුපියල් ලක්ෂ 24ක් වංචා කළැයි කියන හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු සහ ඔහුගේ බිරිය ලබන 9 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද(26) නියෝග කළේය.

මීට අදාළ හඳුනාගැනීමේ පෙරට්ටුවක් අද අධිකරණයේ දී පැවැති අතර සාක්කිකරුවන් විසින් සැකකරුවන් දෙදෙනා හඳුනාගැනිණි.

ඉසින්බැස්සගල යාපනය පාර, මැදවච්චියේ පදිංචි ආගරපතන පොලිසියේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයකු වන පුංචිරාළලාගේ ප්‍රියන්ත චන්ද්‍රසිරි සහ ඔහුගේ බිරිය වන ගල්කිස්සගේ නිශ්ශංකා දර්ශනී යන අය එසේ රිමාන්ඩ් කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here