කැබිනට්ටුවේදී විජයදාස තනි වෙයි. චම්පික සහයට

0
320

හම්බන්තොට වරායේ සහන ගිවිසුම සම්බන්ධයෙන් නිරීක්ෂණ ඉදිරිපත් කරමින් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඉකුත් කැබිනට් මණ්ඩල වෙත පත්‍රිකාවක් යොමු කර තිබුණි.

මෙ මගින් අමාත්‍යවරයා සවිස්තරාත්මක කරුණු කාරණා හතක් ඔස්සේ මෙම සහන ගිවිසුම සම්බන්ධයෙන් වන රටට අහිතකර වන තත්ත්වය පැහැදිලිව විග්‍රහ කර ඇත.

එ නිසා ඉකුත් කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ තුළින් වන හානිය පිළිබඳව අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා දිගින් දිගටම කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු කළේ කිසිදු අමාත්‍යවරයෙකු ඔහුගේ මතය සාධාරණීකරණය නොකරන පසුබිමකය. යම්තාක් දුරකට අමාත්‍ය චම්පික රණවක මහතා, අමාත්‍ය රාජපක්ෂ මහතාගේ මතය නිවැරදි බවට අදහස් දැක්වීය.

එහෙත් කිසිවකු පෙනී නොසිටියත්, අදාළ ගිවිසුමෙහි අහිතකර යෝජනා සම්බන්ධයෙන් අමාත්‍ය රාජපක්ෂ මහතා නොසැලී සටනක නිරත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here