මාධ්‍ය දඩයමකට රජයේ සූදානමක්

0
776
මාධ්‍යයට තොරතුරු ලැබෙන ක්‍රමය හෙළි නොකිරීම අධිකරණයට කළ අපහාසයක් සේ සලකා කටයුතු කළ හැකිවන පරිදි නීති පැනවීමට රජය කටයුතු කරගෙන යන බැවින් ඒ පිළිබඳව මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන දැනුවත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
මාධ්‍ය නිදහස ඕනෑවටත් වැඩිය තිබෙන බව කියමින් යහපාලන රජය මාධ්‍ය දඩයමකට සූදානම් වන්නේ ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගෙන විය හැකි බවද ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙයි.
රජය සිදු කිරීමට යන මේ මාධ්‍ය නිදහස නැති කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සියලු මාධ්‍ය ආයතන අවධානයෙන් යුතුව ඊට එරෙහිව පෙළ ගැසිය යුතු බවද ඔවුහු පෙන්වා දෙති.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂය මෙම කරුණු අනාවරණය කළ අතර ඉදිරියේ සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වී මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බවද ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here