විදුලි දුම්රිය සඳහා ටෙන්ඩර් කැඳවයි

0
1085

අගනුවර කේන්ද්‍ර කර ගනිමින් පානදුර, පොල්ගහවෙල, මීගමුව සහ කැලණීවැලි මාර්ගයද අයත්වන අන්දමට කිලෝමීටර් 138ක දුර ප්‍රමාණයක් සඳහා විදුලි දුම්රිය යෙදීවීම පිණිස රටවල් හයකින් ටෙන්ඩර්පත් කැඳවීමට රජය තීරණය කොට ඇත. මේ සඳහා වෙන් කොට ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 600කි.

දකුණු කොරියාව, චීනය, ජපානය, ඕස්ටේලියාව, ප්‍රංශය සහ ස්පාඥඥ්ය යන රටවලින් ටෙන්ඩර් පත් කැඳවීමට නියමිත අතර මේ සඳහා මූල්‍යාධාර සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව ඉදිරිපත්වී තිබේ.

මෙම ව්‍යාපෘතිය වසර 3කින් නිම කිරිමට අපේක්ෂිතය. දුම්රිය මගීන් සඳහා දැනට වඩා කඩිනම් සහ සුවපහසු සේවාවක් ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here