“රාජිත උත්සාහය වසන් කරනවා”

0
667

ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා මැදිහත්වීමෙන් සයිටම් අර්බුදය විසදීමට දැරූ උත්සහය වසන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

රජය විසින් ගත් ප‍්‍රතිපත්තිමය තීරණ උල්ලංඝණය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයා සිය අභිමතය පරිදි ක්‍රියා  කරන බවයි ඔවුන් නිකුත්කළ නිවේදනයක දැක්වුණේ.

වෛද්‍ය අධ්‍යාපනයේ ප‍්‍රමිතිය පිළිබඳ කිසිදු තැකීමකින් තොරව මුදල් ඉපයීමේ පරමාර්ථය පමණක් පෙරදැරි කර ගනිමින් ක‍්‍රියා කිරීම රටේ යහපත පතන ජනතාවට අදාගත නොහැකි කරුණක් බවත් මේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here