ස්පාඤ්ඤයේ බාසිලෝනා නගර මධ්‍යයට වෑන් රථයක් කඩා වැදී 13දෙනකු මියයති

0
648
ස්පාඤ්ඤයේ බාසිලෝනා නගර මධ්‍යයේ මහජනයා බහුලව ගැවසෙමින් සිටි ස්ථානයකට වෑන් රථයක් කඩා වැදීම හේතුවෙන් 13දෙනකු මියගොස් 100ක් පමණ තුවාල වබා ඇතැයි වාර්තා වේ.
ප්‍රහාරය සඳහා පැමිණි ත්‍රස්තවාදීන් තිදෙනකු ද පොලිසිය විසින් මරාදමා ඇති අතර එක් අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.  තත්වය පාලනය කර ඇති බවත් පොලිස් මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක බවත් බලධාරීහු පවසති.
ප්‍රහාරයෙන් පසු වෑන් රථයේ රියදුරා රථය අත්හැර දමා පලාගොස් ඇත. අයිඑස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ඔවුන් මෙම ප්‍රහාරයට සම්බන්ධ බවයි.
මෙය ජිහාදි ත්‍රස්තවාදී ක්‍රියාවක් බව ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය මරියානෝ රජෝයි පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here