රාජිතට එරෙහි විශ්වාසභංගය අද හෝ හෙට කථානායකට

0
672
චෝදනා හතක් යටතේ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව හෙට (24) හෝ අනිද්දා (25) කථානායකවරයා වෙත බාරදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ප්‍රකාශ කළේය.
විශ්වාසභංග යෝජනාවට අවශ්‍ය අත්සන් අද දවස තුළ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගෙන් ලබාගන්නා බවද මන්ත්‍රීවරයා අද (23) පැවැසුවේය.
රජයේ තක්සේරු මුදලට වඩා අඩු මිලට මෝදර ධීවර වරාය බදුදීම, අල්ලස් කොමිසම හමුවේ ඇති පරීක්ෂණවලට සහය නොදී මගහැර සිටීම ඇතුළු චෝදනා හතක් රාජිත සේනාරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here