සරත් ෆොන්සේකට විශ්වාසභංගයක්

0
656

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක් අද දින (06) අමාත්‍ය ඇමැති සරත් ෆොන්සේකා මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්‌ ගෙන ඒම පිලිබද තීරණයක්‌ ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මෙවැනි තීරණයක් ගැනීමට හේතුව වශයෙන් ඔහු සදහන් කර සිටියේ ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව සාක්‍ෂි දෙන බවට සරත් ෆොන්සේකා මහතා කල බරපතල ප්‍රකාශය හේතුකොටගෙන බවය.
යුද්ධය සහ රණවිරුවන් සම්බන්ධව ජනාධිපතිවරයා කරන ප්‍රකාශයට පටහැනිව වගකිවයුතු ඇමැතිවරයකු ලෙස සරත් ෆොන්සේකා කළේ රට පාවාදෙන ප්‍රකාශයක්‌ බව පැවසූ මන්ත්‍රීවරයා පුළුවන් නම් මොහු සම්බන්ධයෙන් විජයදාස රාජපක්‍ෂ මහතා සම්බන්ධව ගත් තීරණයම ගෙන පෙන්වන්නැයි ආණ්‌ඩුවට අභියෝග කරන බවත් පැවසීය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේ ඊයේ (05 දා) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here