කෙහෙලිය ආණ්ඩුවට යයි ද ?

0
319

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා ආණ්ඩුවට සහාය පළ කිරීමට තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචිමාර්ග මගින් තොරතුරු ලබා දුන්නේය
ආණ්ඩුවේ ප්‍රබලයින් කිහිප දෙනකු මන්ත්‍රීවරයා සමග මේ පිළිබඳව සාකච්ඡා කර ඇතැයිද අදාළ ආරංචි මාර්ග හෙළි කළේය.

කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා සමග ඒකාබද්ධෙ තවත් මන්ත්‍රීවරයකුද ආණ්ඩුවට එක්වීමට නියමිතව ඇති බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ තම කණ්ඩායමේ ආණ්ඩුවක් තුළ ඉදිරියේදී ඇමැති ධුරයක් ලබාගන්නා බවය.

එමෙන්ම ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ පුද්ගලයින් කිහිප දෙනකුම තමන්ට කතා කළ බවත් එසේ කතා කළ පිරිස තමන් ආණ්ඩුවට එකතු වන අයකු ලෙස ගණන් සාදා ගැනීම ගැන තමන්ට කළ හැකි දෙයක් නොමැති බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here