කණ්ඩුල මියගියේ කාගේ වරදින්ද?

0
442

හබරණ ප්‍රදේශයේ සෆාරි සඳහා යොදවා තිබී,අසනීප තත්වයෙන් පසුවීම නිසා ප්‍රතිකාර සඳහා පින්නවලට රැගෙන එමින් තිබියදී අපරික්ෂාරී ධාවනය හේතුවෙන් කන්ටේනර් රථය තුලම පෙරළී අසාධ්‍ය තත්වයට පත් වූ කණ්ඩුල නැමති අලියා ඉතා අවාසනාවන්ත ලෙස අද ( 11 )පාන්දර 2.00 ට පමණ මියගියා.

අලියාගේ භාරකාරත්වය හඟුරන්කෙත බස්නායකවරයෙකු සතු යැයි පැවසෙන අතර,අලියාගේ අයිතිය පිළිබඳව ගැටලු ඇති වී තිබූ බැවින් හිමිකරුවන් යැයි කියාගන්නා පිරිස් විසින් අලියාට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කර තිබුණා.09 වන දින සවස අනතුරට පත් අවස්ථාවේ පටන් 10 වන දින රාත්‍රිය දක්වා අලියා නැගිටුවීමට කිසිදු කටයුත්තක් සූදානම් නොකර තිබූ අතර, අලියා රැගෙන ආ කන්ටේනර් රථය හොර ඇත්දළ ජාවාරමෙහි නියත වී,අධිකරණයේ නඩු පැවැත්වෙන මහනුවර ප්‍රදේශයේ පුද්ගලයෙකු සතු වූවක්.අලියා අනතුරට පත්වීමෙන් පසු හැකි ඉක්මනින් ඔහු සිය කන්ටේනර් රථය ඉවත් කිරීමට කටයුතු කලේය. සිදුවීම රූගත කිරීමට ආ මාධ්‍යවේදීන්ට පවා පහර දීමට උත්සාහ කරමින් අලියාගේ හිමිකරුවන් යැයි කියාගන්නා පිරිස් හැසිරුණු අතර,ජීවත්ව සිටි කාලයේ දී අලියාගෙන් බඩවියත සරිකර ගත් එකෙකු හෝ අලියාගේ ප්‍රතිකාර වෙනුවෙන් කැප නොවුනු අතර සිය ජීවිත කාලයම හිමිකරුවන්ට වහල් කම් කල කණ්ඩුල අලියා ඉතා අවාසනාවන්ත ලෙස මෙසේ මරණයට පත්විය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here