ලංකාවට අවශ්‍ය නැති තිසර ලෝක ක්‍රිකට් කණ්ඩායමට ජය ගෙනෙයි

0
327

තිසර පෙරේරාගේ සුපිරි තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් පාකිස්ථානු කණ්ඩායම හා පැවති දෙවන විස්සයි 20 තරඟයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට ලෝක කණ්ඩායම ඊයේ සමත් වුණා.

තිසර පෙරේරා මෙහිදී පන්දු 19කින් නොදැවී ලකුණු 47 රැස් කළ අතර පන්දු යැවීමේදී ලකුණු 23කට පාකිස්ථානු කන්ඩායමේ කඩුලු දෙකක් දවා ගැනීමටද සමත් වුණා.

තරගයේ පළමුවට පන්දුවට පහරදුන් පාකිස්ථානු කණ්ඩායම නියිමිත පන්දුවාර 20 අවසානයේ ලකුණු 174ක් රැස් කළා.

ලකුණු 175ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ලෝක කණ්ඩායම පන්දුවාර 19.5කදී එම ඉලක්කය පසු කළා.

තිසර පෙරේරාට තරඟයේ වීරයා සම්මානය හිමිවූ අතර ඔහු තුන්ඉරියව්වෙන්ම දැක්වූ දක්ෂතා බොහෝ විචාරකයින්ගේ පැසසුමට ලක්ව තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here