ජාත්‍යන්තර පරීක්ෂණයක් ඕනෑ

0
341

පසුගිය සමයේ ඝාතනයට ලක්වු උතුරු නැගෙනහිර ප‍්‍රදේශයන්ගේ මාධ්‍යවේදීන් හා අනෙකුත් මාධ්‍යවේදීන්ගේ ඝාතන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් හරහා පරීක්ෂණයක් පැවැත්විය යුතු බව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේශ්වරන් පැවැසීය.

මාධ්‍යවේදී  සංගම් නියෝජිතයින් පිරිසක් ප‍්‍රධාන අමාත්‍යවරයාගේ කාර්යාලයේදී ප‍්‍රධාන අමාත්‍යවරයා හමුවු අවස්ථාවේ විග්නේශ්වරන් මහතා මෙම අදහස් දැක්වීය.

පසුගිය සමයේ ඝාතනයට ලක්වු මාධ්‍යවේදීන්  සම්බන්ධයෙන් සොයා බැලීමට විවිධ කොමිෂන් සභා පිහිටවනු ලැබුවද අදාළ ඝාතන සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් හෙළි නොවු අතර ඝාතකයින්ට දඬුවම් දීමක්ද සිදු නොවූ බැවින් ජාත්‍යන්තර මැදිහත්වීමක් හරහා අදාළ පරීක්ෂණ පැවැත්විය යුතු  බව ඔහු වැඩිදුරටත් පැවැසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here