Tuesday, September 24, 2024

සාධාරණ කොමසාරිස් ඩිලාන්‍ට පිළිතුරු දෙයි

මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ ස්ථාවරය සහ සභාපතිවරයාගේ ස්වාධිනත්වය සම්බන්ධයෙන් ගැටලූවක් පැවතින බවට අමාත්‍ය ඩිලාන් පෙරේරා  හාලිඇල ප‍්‍රදේශයේ පැවති උත්සවයකදී ඊයේ (17) සිදුකළ චෝදනාව සම්බන්ධයෙන්   කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කීය.

අමාත්‍ය ඩිලාන් පෙරේරා හාලිඇලදී කියා සිටියේ “අපි පාර්ලිමේන්තුව ඇතුළේ 19 වැනි සංශෝධනයට අත උස්සන වෙලාවේ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිට පොරොන්දු වුණා.20 වැනි සංශෝධනය හරහා ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය තියන්නෙත් මනාප ක්‍රමයට නෙමෙයි කියලා. හැබැයි මනාප ඡන්ද ක්‍රමයට මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ආදරෙයි වගේ පේන්නේ. හොඳම මැතිවරණ කොමසාරිස්වරයෙක්.හැබැයි මේ අවස්ථාවේදී. එතුමා ඉන්නේ NGO කාරයින්ට ඕන පිළේ.” යනුවෙනි.

මෙම චෝදනා දෙක සම්බන්ධයෙන් පිළිතුරු දුන් මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් පැවැසුවේ “දේශපාලනඥයින්ට ඔවුන්ගේ අදහස් දැක් වීමට සම්පූර්ණ අයිතිය තියෙනවා. දේශපාලඥයින් ගේ විතරක් නෙවෙයි ඕනෑම පුරවැසියකු ගේ අදහස් දැරීමට සහ ඒ ප්‍රකාශ කිරීමේ අයිතය වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අය හැටියට අපි පෙනී ඉන්නවා.  නමුත් ඒ අදහස් වලට අපි කිසිසේත්ම එකග විමේ අවශ්‍යතවක් නෑ.

ඕක විතක් නෙවෙයි. මට විරුද්ධව හැම පක්ෂෙන්ම චෝදනා එනවා. සමහර වෙලාවට ප්‍රසංශා එනවා. නමුත් මේ චෝදනා හා ප්‍රසංශා දෙකටම උත්තර දෙනන් මම ක්‍රියා කරන්නේ නෑ.  ඉතිහාස ය විසින් අපි නිවැරදි කරාවි”. යනුවෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles