මාලිංග ගේ හෙලිදරව්ව

0
513

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩාවැටීම නවත්වා ක්‍රිකට් ක්‍රීඩාව නව මාවතකට යොමු කිරීමේ අටියෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පත්කරන ලද කමිටුවක් විසින් මෙම වැඩුළුව සංවිධානය කරන තිබුණු අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම දැනට මුහුණ දී සිටින අභාග්‍යසම්පන්න තත්ත්වයත් ඊට හේතුවූ කාරණාත් සම්බන්ධයෙන් ලසිත් මාලිංග විසින් දිගින් දිගටම කරුණු දක්වා සිටියේ මේ අයුරිනි.

“අපි තණකොළ තියෙන තණතීරුවක් ඉල්ලුවාම ඒගොල්ලන් තණකොළ කපලා තට්යක් වගේ තණතීරුවක් දෙනවා….තණකොළ කැපුවේ ඇයි කියලා ඇහැව්වාම තණකොළ මැෂිමට වැරදි තලේ දාලා කියනවා”

“මේක සිද්ධ වුණේ එක පාරක් නෙමේ දෙපාරක්, මම මේ ගැන බලධාරීන්ට කිව්වත් කිසිම දෙයක් වුණේ නෑ. මම කියන්නේ නෑ අපි මැච් පැරදුනේ ඒක හින්දයි කියලා. ඒත් මේ විදිහට අපට අවශ්‍ය දේ වෙන්නේ නැති වුණාම ක්‍රීඩකයන්ගේ ආත්ම විශ්වාසය බිඳ වැටෙනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here