Tuesday, September 24, 2024

ඡන්දේ කල්දාන්න ඉඩදෙන්න එපා!

20 වන ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයක් හා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තීන්දු කර තිබිය දී, පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයක් සහ ජනමත විචාරණයකින් තොරව කාරක සභා අවස්ථාවක දී එම යෝජනාවේ අඩංගු කරුණු සම්මත කර ගැනීමට රජය උත්සහ දරමින් සිටින බැවින් ඒ සදහා කිසිම සහයෝගයක් ලබා නොදී සිටින ලෙස අග්‍රාමාත්‍ය ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ඉල්ලා ඇත.

කැෆේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් සහ ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක සරාංග හරිස්චන්ද්‍ර‍ විසින් මෙම ඉල්ලීම කර ඇත.

ලංකා ඉතිහාසයේ කිසිදු අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට පිටින් ගොස් පනත් සම්මත කොට ගෙන නැති නමුත් පළාත් සභා පනත සංශෝධනය කිරීම සදහා ආංශික කමිටුවල දී සාකච්ඡාවට බදුන් නොවූ සමානුපාත ඡන්ද ක්‍ර‍මය වෙනුවට කොට්ඨාශ ක්‍ර‍මය ද ඇතුළත් මිශ්‍ර‍ සමානුපාතික ක්‍ර‍මය යෝජනා කර සම්මත කර ගැනීමේ ප්‍ර‍යත්නයක යෙදීමට රජය හෙට (20) උත්සහායක යෙදෙනු ඇති බව මෙම ලිපියෙන් වැඩි දුරටත් පෙන්වා ඇත.

යම් ආයතනයක් හෝ පුද්ගයෙකු ක්‍රියාකාරී ලෙස මීට සහාය දක්වන්නේ නම් එය චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට දායකවීමක් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැන සචේචනකිව එයට අපහාස කිරීමක් බැවින් මැතිවරණ ක්‍රමයේ සංශෝධන නාමයෙන් පළාත් සභා ඡන්ද විමසීම කල්දමාගැනීමේ කිසිදු කාරක සභා අවස්ථා සංශෝධනයකට ඔබ හෝ ඔබගේ සහකාර නිලධාරීන්ගේ සහාය ලබා නොදෙන ලෙස  අග්‍රාමාත්‍ය ලේකම් වරයාගෙන් මෙම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles