ට්‍රම්ප් හා මෛත්‍රි අතර හමුවක්

0
439

ජනපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පසුගියදා එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය සහභාගී වීමට ඇමරිකාව බලා පිටත්ව ගියේය. තමන ජනාධිපති වීමෙන් පසු තෙවන වතාවට එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය සඳහා සහභාගී වූ මෛත්‍රී පාල ජනාධිපති තුමා ශ්‍රී ලංකා වෙලාවෙනි අද ( සැපතැම්බර් 20 ) අළුයම එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කලේය.

ඔහුගේ එම දේශනයෙන් පසු ලොව බලවත් අධිරාජ්‍ය වන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ භාර්යාව වන මෙලනි ට්‍රම්ප් මුණ ගැසීමටත් ජනපතිතුමාට අවස්තාවක් ලැබුනා.

එම අවස්ථාවේදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනපතිතුමා පවසා සිටියේ, නිව් යෝර්ක් නුවරදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලනි ට්‍රම්ප්ව මුණගැසීමට තමන්ට හා තම ආර්යාව වන ජයන්ති මහත්මියට අවස්තාවක් ලැබීම ලොකු සතුටක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here