සැමියයි බිරිඳයි එක්ව කළ කසිප්පු ස්කාගාරය

0
768

ගලේවෙල – හැවැන්තැන්න ඔයේ නීති විරොධි අයුරින් පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් වටලා තිබෙනවා.

මෙම කසිප්පු ස්කාගාරය සැමියා හා බිරිය ඇතුළු තවත් කිහිපදෙනෙකු එක්ව පවත්වාගෙන ගොස් ඇති බවත් වටලන අවස්ථාවේදී බිරිඳ දමා සැමියා පලාගිය බවත් පසුව පොලිසිය දැඩි පරිශ්‍රමයක් දරා සැකකාර බිරිඳ අතුළු පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවත්  ගලේවෙල පොලිසිය පවසනවා.

පලාගිය සැමියා සහ තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

වැටලීම සිදුකළ ස්ථානයේ තිබී ගොඩා බැරල් 5ක් සහ පෙරිමේ උපකරණ ඇතුළු විවිධ භාණ්ඩ තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් හෙට දිනයේ දඹුල්ල මහේස්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබනවා.

neth news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here