යූරෝ හමුවේ රුපියල සියයට 12.5 කින් පසු බසී

0
347
Viele Euro Geldscheine

ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 සැප්තැම්බර් මස 27 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 2.1 කින් මධ්‍යස්ථ ලෙස අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක් ප්‍රකාශ කර සිටී.

තවද අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින් මෙම කාලපරිච්ඡේදය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යූරෝවලට සාපේක්ෂව සියයට 12.5 කින් ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 10.6 කින් ද, ජපන් යෙන්වලට සාපේක්ෂව සියයට 5.5 කින් ද, කැනේඩියානු ඩොලරයට සාපේක්ෂව සියයට 10.3 කින් ද, ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 10.1 කින් ද සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 5.7 කින් ද අවප්‍රමාණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here