Friday, November 15, 2024

ඖෂධ නිෂ්පාදනාගාර ලියාපදිංචි රෙගුලාසි වෙනස් වෙයි

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාර ලියාපදිංචි කිරීමේ රෙගුලාසි සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා උපදෙස් ලබාදී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් උපදෙස් ලබා දුන් බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.
දෙස් විදෙස් ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවති අදාළ සාකච්ඡාවේදී ඔවුන් පෙන්වාදී ඇත්තේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාර ලියාපදිංචි කිරීමේදී ගැටලු මතුවන බවයි.
ලබන වසරේ සිට පවතින රෙගුලාසි වෙනස් කර ඖෂධ නිෂ්පාදනාගාර වසර 05කට වරක් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව එහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර තිබේ.
මේ වන විට ක්‍රියාත්මක වන්නේ 1961 වසරේදී ප්‍රකාශයට පත් කළ පනතක් වන අතර එහි රෙගුලාසි වෙනස් විය යුතු බව අමාත්‍යවරයා එහිදී පෙන්වාදී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles