වසර 8ක නඩු විභාගයකින් පසු චන්ද්‍රිකාට හා සුනේත්‍රාට හිමිවූ අනුරගේ දේපළ මෙන්න..!

0
488

 

අන්තිම කැමති පත්‍රයක් නොතබා මියගිය හිටපු කතානායක අනුර බණ්ඩාරණායක මහතාගේ රුපියල් කෝටි ගණනක බූදලය හිමිකම් නීත්‍යානූකූලව ලබා ගැනීම සඳහා හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණඩාරණායක  කුමාරතුංග මහත්මිය පෙරේදා (04) කොලඹ දිසා අධිකරණයට පැමිණියාය.

අනුර බණ්ඩාරනායක මහතා 2008 මාර්තු 16දින මියගොස් තිබූ අතර ඒ මහතාගේ බූදලයට එකම උරුමක්කුවන් තමන් සහ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩරනායක කුමාරතුංග මහත්මිය බව සඳහන් කරමින් සුනේත්‍රා බණ්ඩාරණායක මහත්මිය 2009 ජනවාරි 30දා කොළඹ දිසා අධිකරණය හමුවේ අදළා බූදල් නඩුව පවරා තිබිණි.

අන්තිම කැමති පත්‍රයක් නොබා මියගිය අනුර බණ්ඩරනායක මහතා සතුව රුපියල් 1 183 830 735ක මුදලක් සහ තවත් වත්කම් තිබූ බවත්,එහි උරුමය තමන් හා තම සහෝදරිය වෙත පවරන නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලා සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය එලෙස නඩු පවරා තිබිණි.

මෙම බූදල් නඩුව මුද්‍රිත මාධ්‍ය ඔස්සේ පළ වීමෙන් අනතුරුව අනුර බණ්ඩාරනායක මහතාගේ රියදුරු ආරක්ෂක ඇතුලු සමීපව ඒ මහතා ඇසුරු කළ පුද්ගලයන් සිවු දෙනෙක් අදාළ බූදලයට හිමිකම් කියමින් දිසා අධිකරණය හමුවේ මැදිහත් පෙත්සම් ගොනු කළහ.

අනුර බණ්ඩාරනායක මහතාගේ ආරක්ෂක වසන්ත සමරසේකර සෙනරත් චන්‍ද්‍රසිංහ අර්වින් සපරමාදු සහ රවීන්ද්‍ර ලාල් පෙරේරා එලෙස අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here