ලංකාවේ වාහන මිල ඉහළට

0
360
 අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල මේ වන විට සටහන් වන්නේ රුපියල් 155.05ක් ලෙසයි. ඉකුත් 03 වනදා රුපියල් 154.93ක් ලෙස ඩොලරයක විකුණුම් අගය සටහන් වී තිබුණා.

මේ හේතුවෙන් රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය දිනෙන් දින ඉහළ යාම නිසා අහිතරකර ආර්ථික තත්ත්වයන් තවදුරටත් ඇති විය හැකි බවයි ආර්ථික විශ්ලේශකයන් පෙන්වා දෙන්නේ.

ඩොලරයේ අගය ඉහළ යෑම නිසා මේ වන විට රථවාහන වෙළඳපොළ තුළද දැඩි කැළඹිලි සහගත තත්ත්වයක් උදා වී තිබෙනවා.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේ ඩොලරයේ අගය ඉහළ යෑම හේතුවෙන් මේ වන විට කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක පවා මිල ගණන් ලක්ෂයකින් පමණ වැඩි වී ඇති බවයි.

ඩොලරයේ අගය තව දුරටත් ඉහළ ගියහොත් වාහන මිල ගණන්ද ඊට සාපේක්ෂව ඉහළ යනු ඇති බවද පෙන්වා දුන්නා.

මේ හේතුවෙන් වාහන ගෙන්වන ව්‍යාපාරිකයන්ද දැඩි ලෙස අපහසුතාවයට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here