ලේඩි ගාගා තමන්ගේ රෝගය වෙනුවෙන් කල චිත්‍රපටය

0
690

ජනප්‍රිය ගායිකාවක් වුණත් ලේඩි ගාගා මෑතකදී අන්තර් ජාලයේ වාර්තා චිත්‍රපටයකින් තම රසික පිරිසට සමීප වුණා. මේ චිත්‍රපටය නම් කර ඇත්තේ “ගාගා! ෆයිව් ෆීට් ටූ” යනුවෙන්. ෆිබ්රෝමියැල්ජියා නම් වූ රෝගයෙන් පීඩා විඳින ජනතාව වෙත පණිවිඩයක් ලබාදීමේ අරමුණෙන් තමයි, ඇය මේ වාර්තා චිත්‍රපටය නිර්මාණය කර ඇත්තේ. මේ රෝගයෙන් ඇය ද පීඩා විඳිමින් සිටින ‍නිසයි මෙවැනි කාර්යයකට යොමු වී ඇත්තේ.

ෆිබ්රෝමියැල්ජියා යනු මිනිස් සිරුරෙහි මාංශ පේශීන්වලට වේදනා ගෙන දෙමින් මානසික ආතතිය සහ හිසරදය ඇති කරන රෝගී තත්ත්වයක් බවයි වෛද්‍යවරු පවසන්නේ. ලේඩි ගාගා පවසන්නේ මෙවැනි රෝගී තත්ත්වයක් තමන් තුළ ද පවතින බවයි. මේ වාර්තා චිත්‍රපටයෙහි ලේඩි ගාගා තම රෝගය සුවකර ගැනීමට වෛද්‍යවරු හමුවන අවස්ථාවන් ද ඇතුළත් වී තිබෙනවා. මේ රෝගී තත්ත්වය සමඟ තමන් පොර බැදූ ආකාරය වාර්තා චිත්‍රපටයෙහි ඇතුළත් වන බව ඇය ටොරොන්ටෝ සිනමා උලෙළේදී ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here