Friday, September 20, 2024

සමහර අය බොරු කියනවා මම කියන්නේ නෑ

ආණ්ඩුව විසින් රටේ දේපළ විකිණීමට යන බව පවසමින් විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් විසින් අසත්‍ය ප්‍රචාර පතුරමින් සිටින බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ආර්ථිකමය වශයෙන් මෙරටට ලැබෙන ආයෝජන නතර කිරීම එම පාර්ශවයන්හි අරමුණ බවයි.

අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

මේ අතර හම්බන්තොට උද්ඝෝෂණයට එක්වු පිරිසට සිදුකළ පහරදීම දැඩි ලෙස හෙළා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහ්පෙරුම මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් අදාළ සිද්ධියේ වගකීම දෙපාර්ශවය විසින්ම භාරගත යුතු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා පැවසුවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles