කොළඹට අද පැය 15ක් වතුර නෑ

0
378
අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ අනුව අද පස්වරු 02.00 සිට හෙට අළුයම 05.00 දක්වා කාලය තුළ අදාල ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර සහ බණ්ඩාරනායකපුර යන ප්‍රදේශවලට අදාල කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.
ඊට අමතරව රාජගිරිය සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල ද අදාල කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here