නාමල් අද පොලීසිය හමුවේ පෙනී සිටී

0
522
හෙට දිනයේ සිදු කර ඇති කැඳවීම වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද(09) හම්බන්තොට පොලීසිය  හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.
හෙට දිනයේ විශේෂ කටයුත්තකට සහභාගීවීමට නියමිත බැවින් අද දිනයේ පොලීසිය හමුවේ පෙනී සිටින බව වාර්තා වෙයි.
අධිකරණ නියෝග උල්ලංඝණය කරමින් විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට හම්බන්තොට පොලීසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබේ.
ඩි.වී චානක සහ ප්‍රසන්න රණවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන් අතර වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here