ඇතුල්කෝට්ටේ, අංගම්පිටිය පාරේ පිහිටි නිවාස සංකීර්ණයක් ගිලා බැසීමේ අවධානමකට ලක්වී ඇතැයි වාර්තා වෙයි.
මේ හේතුවෙන් එහි වාසය කරන ජනතාවට ඉන් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දී තිබේ.
පසුගිය වසරේදී අප්‍රේල් මාසයේදී බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුර දේවප්‍රිය මහතා විසින් මෙම නිවාස සංකීර්ණය ඉදිකර ජනතා අයිතියට පත් කර ඇති අතර එය ඉදිකිරීමට රුපියල් කෝටි 4කට අධික මුදලක් වැය කර ඇතැයි වාර්තා වෙයි.
කෙසේ වෙතත් එම නිවාස සංකීර්ණය ඉදිකර වසර එකමමාරකටත් පෙර එම නිවාස සංකීර්ණය ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබේ.
1987 වසරේ සිට මෙම භූමියේ නිවාස 12ක් තිබී ඇති අතර, කෝට්ටේ මහ නගර සභාවේ යෝජනාවක් අනුව මෙම නිවාස සංකීර්ණය තට්ටු 24කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් ලෙස ජනතා අයිතියට පත් කර තිබිණි.
කෝට්ටේ මහා නගර සභා බලධාරීන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් තමන්ට මෙම තත්ත්වයට මුහුණදීමට සිදුව ඇති බව මෙම මහල් නිවාස සංකීර්ණයේ සිටින ජනතාව චෝදනා කළේය.
එම වීඩියෝව පහතින්,