දීපවාලී උත්සවයට ගිනිකෙළි භාවිතය තහනම්

0
376

ඉන්දියාවේ දිල්ලි අගනුවර දීපවාලී උත්සව පැවැත්වෙන සමයේදී ගිනිකෙළි භාවිතය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් තහනම් කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

දීපවාලි උත්සවය ඔක්තෝබර් 18 වැනි දා පැවැත්වීමට නියමිත අතර මේ අනුව නගරයේ ගිනිකෙළි විකිණිම, බෙදාහැරීම සහ දැල්වීම නොවැම්බර් පළමු වැනිදා තෙක් සම්පූර්ණයෙන් තහනම් වේ.

උත්සව සමයේ දිල්ලි නගරයේ වැඩිවන වායු දූෂණය අඩු වේදැයි පරීක්ෂා කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

දිල්ලි නගරය ලෝකයේ වායු දූෂණය ඉහළම නගර අතරට එක්වී ඇති බව පසුගිය කාලයේ වාර්තා විය. පසුගිය වසරේ දීවාලි උත්සවයෙන් පසුව නගරයේ වායු දූෂණය ඉහළ ගිය අතර ශ්වසන අපහසුතා ඇතිවීම හේතුවෙන් නගරයේ පාසැල් දින තුනක් වසා තැබිණි.

(ද ගාඩියන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here