තිස්ස යළි එජාපයට එයි

0
627

තමා ඉදිරියේදී පැහැදිලිවම දේශපාලනය කරන බවත් මෙය තමාගේ තාවකාලික විරාමයක් පමණක් බවත් එජාප හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

පසුගිය ජනාධිපතිවරණය අවස්ථාවේ තමා යම් දේශපාලන තීන්දුවක් ගත්තද ඉන් පසුව ටික කාලයකට දේශපාලන වශයෙන් විරාමයක් ලබාගත් බවත් පෙන්වා දුන් තිස්ස අත්තනායක මහතා ඒ විරාම කාලය අවසන් බවත් ඒ නිසා ඉතා ඉක්මනින් දේශපාලන වැඩපිළිවෙළට එකතු වෙන බවත් කියා සිටියේය.

තමා දේශපාලන වශයෙන් එක්සත් ජාතික පාක්ෂිකයෙකු බවත් මම ඉදිරියේදී දේශපාලන වශයෙන් ගන්නේ කුමන ක්‍රියාමාර්ගයද කියා තීරණය කරන්නේ ඉදිරි ජනාධිපතිවරණය පැමිණි පසුව බවත් ඔහු පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here