නාවලපිටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක මහින්දානන්ද අලුත්ගමගේ සහ මතුගම ශ්‍රීලනිප ආසන සංවිධායක කුමාර වෙල්ගම යන මහත්වරුන් එම සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට එම පක්ෂය කටයුතු කර ඇත.
ඒ අනුව මතුගම නව ආසන සංවිධායකවරිය ලෙස හිටපු ඇමැතිනි සුමිත්‍රා ප්‍රියංගනී අබේධීර සහ නාවලපිටිය නව සංවිධායක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී එච්.ඒ. රණසිං මහතා පත් කර තිබේ.
ඔවුහු (12) රාත්‍රීයේ දී කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා අතින් සිට පත්වීම් ලිපි ලබාගෙන ඇත.