පැබ්ලෝ ඩී ග්‍රෙයිප් කොටි ස්‌මාරකය නිරීක්‍ෂණය කිරීම සහ අතුරුදන් වූවන්ගේ පවුල් හමුවූ අයුරු.
එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී. ග්‍රෙයිප් මෙරටට පැමිණ ඇත. ඔහු මෙරටට පැමිණි සැනින් මුල්ලිවයික්‌කාල් වෙත ගොස් කොටි ස්‌මාරකය විමර්ශනයට ලක් කළේය. මෙලෙස මුල්ලිවයික්‌කාල්හි ස්‌මාරකය නිරීක්‍ෂණය කිරීමට මේ සුද්දා කටයුතු කළේ මානව හිමිකම් කොමසාරිස්‌ට ලද පැමිණිල්ලක් මතය. මුල්ලිවයික්‌කාල් ස්‌මාරකය ඉදිකිරීමට අපට රජය ඉඩ නොදෙන බව දන්වමින් රාජ්‍ය නොවන සංවිධාන එම පැමිණිල්ල යොමු කර තිබිණි. මේ අන්දමට ලොව අනිකුත් රටවල ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් ස්‌මාරක ඉදිකිරීමට එම රටවල් ඉඩ දෙන්නේද?
රජය පැබ්ලෝ ඩී ග්‍රෙයිප්ට සුදු හුණු ගෑමට ක්‍රියා කළේය. එහෙත් ඔහු මෙරටට පැමිණියේ හිටපු කොටි ක්‍රියාකාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ පට්‌ටපල් බොරු පැමිණිලි නිසාය.
එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා උතුරේ සංචාරය කරද්ද ඔහුට බොරු තොරතුරු ඉදිරිපත් කිරීමට හොර සංවිධාන ද ඉදිරිපත්ව ඇත. යාපනයේ අඩයාලම් සංවිධානය එවන් සංවිධානයන් විය. රජයේ ලියාපදිංචි වී නැත. එහෙත් පැබ්ලෝ ඩී ග්‍රෙයිප්ට අමුද්‍රව්‍ය සපයමින් එම හොර සංවිධානය පවසන්නේ මුළු මුලතිව් දිස්‌ත්‍රික්‌කයම හමුදාකරණය වී ඇති බවය.
එසේම උතුරේ සියලුම පන්සල් විහාර සහ බුද්ධ ප්‍රතිමා ඉවත් කළ යුතු බවද කොටි අවසාලම් සංවිධානය රජයෙන් ඉල්ලා ඇත. මෙය පුදුමයක් නොවේ. දේවානම්පියතිස්‌ස රජු ද්‍රවිඩයකු බවට උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් පවසයි. එසේනම් රජු එලවාගෙන ගියේ සිංහල මුවෙක්‌ද? උතුරේ බෙදුම්වාදීන් ඉතිහාසය පවා විකෘති කිරීමට උත්සාහ කරද්දී පැබ්ලෝ ඩී ග්‍රෙයිප් මුල්ලිවයික්‌කාල් ගොස් ස්‌මාරක ඉදිකිරීමේ ප්‍රශ්නයට මැදිහත් වී ඇත.
එය කිසිසේත් ඔහුට අයිති නැති කාර්යයකි. ග්‍රෙයිප් එතනින් නතරවී නැත. මුලතිව්හි පිහිටි කෙප්පලාවූ ප්‍රදේශයට ද ගොස් මුලතිව් හමුදා කඳවුර ඉවත් කරන ලෙස ඉල්ලන විරෝධතාකරුවන්ද මුණගැසී ඇත. මෙය ඔහු මෙරට ජාතික ආරක්‍ෂාවට මැදිහත්වීමක් නොවේද? මේ අන්දමට ඉන්දියාව තම ජාතික ආරක්‍ෂාවට මැදිහත්වීමට එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ට ඉඩ දේද?
මෙරට පැවතියේ ත්‍රස්‌තවාදී ප්‍රශ්නයකි. එසේනම් කොටි ස්‌මාරක ඉදිකිරීම සම්බන්ධයෙන් පැබ්ලෝ ඩී. ග්‍රෙයිප් මැදිහත් වන්නේ කුමකටද? ඔහු මෙරටට ආවේ එම ස්‌ථානය නිරීක්‍ෂණය කර වාර්තාවක් ඉදිරිපත් කිරීමටද?
මේ පසුබිම මැද ගෝලීය ශ්‍රී ලංකා සංසදය පැබ්ලෝ ඩී. ග්‍රෙයිප් හමුවී සත්‍ය තත්ත්වය හෙළිකිරීම සඳහා සාකච්ඡාවක් ඉල්ලා ඇතත් ඊට මෙතෙක් ප්‍රතිචාරයක් දක්‌වා නැත.
එක්‌සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය විසින් පැබ්ලෝ හමුවිය යුතු එන්. ජී. ඕ. සංවිධාන කුමක්‌දැයි තීරණය කර තිබේ. ඒ එදා සිටම ශ්‍රී ලංකාවට ෙද්‍රdaහිකම් කරන කොළඹ එන්. ජී. ඕ. ජාලයයි. මේ නිසා පැබ්ලෝ ඩී. ග්‍රෙයිප් අපක්‌ෂපාතී නිලධාරියෙක්‌ද?
මානව හිමිකම් කවුන්සිලය කොටි ත්‍රස්‌තවාදීන් සැමරීමේ ස්‌මාරක ඉදිකිරීමට ඉඩ නොදීම සලකා ඇත්තේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසින් බව පැහැදිලිය.
මේ නිසා සනාථ වන්නේ මෙරට අභ්‍යන්තර ප්‍රශ්නවලට මානව හිමිකම් කවුන්සිලය මැදිහත් වීමයි. කිලිනොච්චියේදී අතුරුදන් වූ පවුල් හමුවූ පැබ්ලෝ අතුරුදන් හමුදා භටයන් 5000 කගේ පවුල්වල අය හමුවී නැත. ඉන් ඔහු ඒකපාර්ශ්වික නියෝsතයෙක් බවට තහවුරු වේ.
මේ නිසා අද ශ්‍රී ලංකාව මේ තක්‌කඩි මානව හිමිකම් නියෝජිතයන්ගේ තෝතැන්නක් වී ඇත. එහෙත් ඇමරිකාවේ ගුන්තනාමෝබේ සිර කඳවුර පරීක්‍ෂා කිරීම සඳහා මොවුන් ඉදිරිපත් වී නැත.
එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයන්ට මෙලෙස තම අවශ්‍යතා පරිදි ක්‍රියාකිරීමට ඉඩ ලැබී ඇත්තේ රජය ඔවුන්ට දොර විවෘත කිරීම නිසාය.