ශ්‍රීලනිපය දියවෙනවා

0
846

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබලයන් හිතුමතේ ඉවත් කර පක්‍ෂය දුර්වල කිරීමේ වැඩපිළිවෙළක්‌ වත්මන් ශ්‍රීලනිප නායකත්වය ක්‍රියාත්මක කරගෙන යන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජපානයේ සිට ‘දිවයින’ ට ඊයේ (13 වැනිදා) කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය මේ ආකාරයට දුර්වල කර එක්‌සත් ජාතික පක්‍ෂය ප්‍රබල තැනකට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් කීය.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මහින්ද රාජපක්‍ෂ මහතා මෙසේද කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය වඩාත් ශක්‌තිමත් කිරීමට මම කටයුතු කළා. ඒත් දැන් සිද්ධ වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. මේ ගැන ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයො ඉන්නේ දැඩි කල කිරීමෙන්. මේ ආකාරයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දුර්වල කළාම ඒකෙ වාසිය ලැබෙන්නෙ එක්‌සත් ජාතික පක්‍ෂයට.  වර්තමානයේ වෙන මේ දේවල් ගැන පෞද්ගලිකව මට ලොකු කනගාටුවක්‌ ඇති වෙලා තියෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here