රේජීගේ පැටිකිරිය

0
726

නළුවන් සහ එළුවන්….එළුවෙකුත් නොව ගස් කබරයෙකි….

පරක්කු වෙනවානම් කලින් යා යුතුය..ඒවාට පාරේ යන අනිත් උන් පලි නැත..දෙරණ නාළිකාවේ විකාශය වන” සිදූ” ටෙලිනාට්‍යයෙහි රිජී්ගේ චරිතයට පණ පොවන මොහු අද උදෑසන නාවල විවෘත විශ්වවිද්‍යාලය අසල දී වැරදි ලෙස ඉස්සර කර මාගේ රථයට ද හානි කර එය මාගේ අතින් සිදු වූවක් බවට පත් කිරීමට උස් හඬින් කතා කර “ඇයි ගේම ද ” කියා මට බැන වැදී මා ඡායාරූප ගන්නා අවස්ථාවේ දී මා ඔහුගේ රථය ඉදිරියේ සිටිය දී මා යටකර යාමට උත්සාහ කිරීමේදී අසල ගරාජයේ සිටි අයියා පැමින ඔහුව නැවැත්වීමට උත්සාහ කලේය.

එහිදී ඔහුට ද බැණ වැදුන අතර, මා 119 ද ඇමතුවෙමි. පොලිස් නිලධාරියෙකු පැමිණි පසු ඔහු අසල දී ඔහුගේ අහිංසක කම පෙන්වමින් ඔහුට යාමට හදිසි බව පවසා පෙ.ව. 9.30ට මිරිහාන පොලිස් ස්ථානයට එන බව පවසා යන්නට ගිය අතර ඔහු පොලිස් ස්ථානයට පැමිණෙන විට පෙ.ව. 11.40 ද පසු විය. මා එතෙක් ද ඉවසා සිටියේ මාගේ මනුස්සකම නිසාවෙනි. නමුත් ඔහු පැමිණියේ තවත් නීතීඥයෙකු සමගිනි.

ඒ සමගම ඔහුගේ තවත් සගයන් හතරදෙනෙකු ද පැමිණියේය.ඔවුන් පවසා සිටියේ “ඕක braso ගාපු ගමන් යනවා” යැයි කෙළ ගා පිහදාන ගමන් ය. “ඕක අපේ ගරාජයට දමා හදල දෙන්නම්” කියා කී අතර තවකෙකු කීවේ “cut & polish කර ගමන් හරි” කියා ය. මා දන්නා තරමින් ඔය කිසිවක් Paint නොකර හරියන්නේ නැති බව සහසුද්දෙන් ම දන්නා නිසාවෙනි.

මා පසූව ඔවුනූත් කවුරුත් දන්නා Kentharo වෙත දමා ඒ දෙන quotation එකට ගෙවීමට කැමති දැයි ඇසීමි. නමුත් ඔවුන් එකඟ වූයේ නැත. මා නඩු මගට බසින බව පැවසූ විට “හරි තමුසෙ දානව නඩු, මං බලාගන්නම් ” කියා පැවසිය. මා කට උත්තර දී පැමිණියෙමි.
ඉන්පසු සවස 5.38 ට calls 2ක් ද 5.49 ට තවත් ඇමතුමක් ගෙන “මම තමුසෙට ඕක මාස 7ක් 8ක් යනකන් හදන්න දෙන්නෙ නෑ, තමූසෙට ඔහොමම තමයි පදින්න වෙන්නෙ, මම තමුසෙ ගැන බලාගන්නම්” කියා තර්ජනය කර සිටියේ ය.

මුන් වැනි කාලකන්නි එක ටෙලිනාට්‍යක රඟපෑ විට මෙලෙස හැසිරෙනවා නම් චිත්‍රපටයක දෙකක් රඟපෑවා නම් කෙසේ හැසිරෙයි ද???.

මට “සිදූ” ටෙලිනාට්‍ය යේ අධ්‍යක්ෂක මහතාට ස්තූති කල යුතුමය. මන්දයත් මොහුගේ සැබෑ ජීවිතයට සරිලන චරිතයක් ලබා දීම නිසාවෙනි. අනෙක් කලාකරුවන් හට ද මොවුන් වැනි උන් පිලිලයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here