තාලිබාන්වරු මගේ දියණිය මැරුවා; බිරිඳ දූෂණය කළා

0
326

ඇෆ්ගනිස්ථානයේ තාලිබාන් සටන්කරුවන් තම බිලිඳු දියණිය මරා දැමු බවත් බිරිඳ දූෂණය කළ බවත් තාලිබාන් ග්‍රහණයෙන් මිදී සිය රට බලා පැමිණි කැනේඩියානු ජාතිකයෙක් පවසයි.

වසර පහකට ආසන්න කාලයක් තාලිබාන් ග්‍රහණයට හසුවී සිටි ජොෂුවා බෝයිල් වාර්තාකරුවන් ඉදිරියේ මේබව කියා සිටියේ සිය බිරිඳ සහ දරුවන් සමඟ කැනඩාවට පැමිණි මොහොතේදී ය.

සිය බිරිඳ සමඟ ඇෆ්ගනිස්ථානයේ සංචාරයක යෙදී සිටියදී තාලිබාන් කැරලිකරුවන් විසින් අල්ලා ගනු ලැබූ බව 2012 දී වාර්තා විය.

ජොෂුවා ගේ බිරිඳ වන කෙයිට්ලාන් කොල්මන් ගේ පියා කියා සිටියේ ඇෆ්ගනිස්ථානය වැනි භයානක රටක සංචාරය කිරීමට ගත් තීරණය “සිහි බුද්ධියකින් තොරව” ගෙන ඇති තීරණයක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here