නාමල් ඇතුළු පිරිස අද හම්බන්තොට අධිකරණයට

0
354

අධිකරණ නියෝග උල්ලංඝණය කරමින් උද්ඝෝෂණයක් කිරීමේ චෝදනාව මත පසුගිය (10) සවස පොලිස් අත්අඩංගුවට පත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ඩී.වී.චානක, ප්‍රසන්න රණවීර,උපාලි කොඩිකාර, සම්පත් අතුකෝරාල, අජිත් ප්‍රසන්න ඇතුළු සය දෙනා අද (16) හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඒ ඉකුත් 06 වෙනිදා  හම්බන්තොට පැවැති විරෝධතාවයේ දී අධිකරණ නියෝග කඩකිරීම, කලහකාරී ලෙස හැසිරීම, පොදුදේපල වලට හානි කිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ මේ වන විට හතලිස් දෙනෙක් බන්ධනාගාර ගත කොට ඇති අතර ඔවුන් ද ඒ සමඟම මහේස්ත්‍රාත්වරයා හමුවට පත්කරණු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here