බිල්ගේට්ස් හා රාජිත අතර හමුවක්. හොරෙන් WINDOWS භාවිතා කරන්නන්ට වැඩ වරදිද ?

0
662

මයික්‍රොසොෆ්ට් සමාගමේ හිමිකරු බිල් ගේට්ස් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න අතර විශේෂ හමුවක් ලබන නොවැම්බර් මස 15 දින අබුඩාබියේ දී පැවැත්වීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක සදහන්.

ඒ අබුඩාබියේ පැවැත්වෙන ගෝලීය සෞඛ්‍ය රැස්වීමෙන් අනතුරුවය. බිල් ගේට්ස්ට බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කිරිම සහ අධ්‍යයනය කිරිම සඳහා මෙම හමුව පැවැත්වෙනු ඇති බව එම නිවේදනයේ වැඩි දුරටත් සදහන්.

බෝවන රෝග මැඩපැවැත්වීම සදහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරිමට තමන්ට අවශ්‍ය බව බිල්ගේට්ස් සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇති අතර, ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යවරයාගේ කාළ‍යෙන් පැයක කාලයක් ද බිල් ගේට්ස්ට වෙන් කර ලබා දී ඇති බවත් අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම සාකච්ඡාවට අබුඩාබියේ ඔටුන්න හිමි කුමාරයා වන ජිමී කාටර් ද සහභාගීවීමට නියමිත බව එම වාර්තාවේ සදහන් ය. කෙසේ නමුත් මෙම සාකච්චාවේ කිසිම තාක්ෂණික මාතෘකාවලට අදාළ සම්බන්ධ දෙයක් කතා කිරීමට ඔවුන් බලාපොරොත්තු නොවන අතර, මේ හේතුවෙන් අපේ රටේ හොරෙන් windows භාවිතා කරන කට්ටිය බය වෙන්න ඕනේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here