තරුණ මව හා අවුරුදු 12 දරුවාගේ ගෙළ කපා ඝාතනය කරලා

0
778
මඩකළපුව,එරාවූර් ප්‍රදේශයේ තරුණ මවක සහ අවුරුදු 12ක දරුවෙකුගේ ගෙළ කපා ඝාතනය කර ඇති බව එරාවූර් පොලීසිය පවසයි.
ඊයේ (17) රාත්‍රියේ මෙම ඝාතනය සිදුවී ඇති බවට පොලීසිය සැක පළ කරයි.
මේ පිළිබඳව පොලීසියට ලැබුණු තොරතුරකට අනුව මෙම මළ සිරුරු සොයා ගෙන ඇති අතර සිය නිවසේ තිබී එම මළ සිරුරු සොයාගෙන තිබේ.
මිය ගිය කාන්තාවගේ ස්වාමියා විදෙස්ගත රැකියාවක නිරත වන අතර මිය ගොස් ඇත්තේ අවුරුදු 26ක් වයසැති මධුශාන්ති නමැති තරුණ මව සහ මදුශාන් නමැති ඇගේ දරුවා බව සඳහන්ය.
සිද්ධිය සම්බන්ධයෙන් එරාවූර් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here