ANDROID දුරකථන වලට වෛරසයක්

0
658

ansomware නැමති වෛරසය ඇන්ඩ්රොයිඩ් දුරකථනවලට බලපෑම් ඇති කළ හැකි බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) පවසයි.

මෙම වෛරසය පරිගණකයේ හෝ ඕනෑම ජංගම උපාංගයක දත්ත වෙත පිවිසීමට පරිශීලකයින්ට බාධා ඇති කරන මෘදුකාංගයක් බව අනාවරණය වී තිබේ.

කෙසේ නමුත් ඇපල් දුරකථන භාවිතා කරන්නන්ට මෙයින් හානියක් නොමැති බවත් ඔවුන් පවසයි. එනම් 3rd party apps සඳහා ඇපල් දුරකථන වල පනවා ඇති බාදක හේතුවෙන් iPhone දුරකථන මෙම භයානක තත්වයෙන් යම් තාක් දුරට ආරක්ෂා වී ඇත.

android දුරකථන බොහොමයක කිසිඳු පැකිලීමකින් හෝ මහන්සියකින් තොරව 3rd party apps ස්ථාපනය කර ගැනීම හැකියාව ඇති නිසාවෙන්, ඒවා වලට මෙම භයානක තත්වය උදාවී ඇති බවයි SLCERT ආයතනය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here