පිට පිටම 11 වැනි වරටත් පැරදුන ශ්‍රී ලංකාව

0
727
Britain Cricket - Sri Lanka v Pakistan - 2017 ICC Champions Trophy Group B - Sophia Gardens - June 12, 2017 Pakistan's Sarfraz Ahmed celebrates at the end Action Images via Reuters / Andrew Couldridge Livepic EDITORIAL USE ONLY.

ශ්‍රී ලංකා පිතිකරුවෝ යළිත් වරක්‌ සුපුරුදු නීරස පිති ප්‍රහාරයේ යෙදෙමින් සාජා ක්‍රීඩාංගණයේදී පාකිස්‌තානය සමග ඊයේ (20 දා) පැවැති සිව්වැනි එක්‌දින තරගයෙන්ද කඩුලු 07 ක පරාජයක්‌ අත්වින්දේය.

ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 173 ක ඉලක්‌කය පහසුවෙන් හඹා ගිය පාකිස්‌තානයට බාබර් අසාම් (69) සහ ෂොයිබ් මලික්‌ (69) නොදැවී අර්ධ ශතක දායාද කිරීමට සමත් වූහ. බාබර් පන්දු 101 කදී හතරේ පහර පහක්‌ද මලික්‌ පන්දු 81 කදී හයේ පහර තුනක්‌ සහ හතරේ පහර දෙකක්‌ද එල්ල කරමින් ශ්‍රී ලංකා පිල පරාජයට ඇද දැමූහ.

අදාළ පරාජය ශ්‍රී ලංකාව පිට පිටම ලද 11 වැනි පරාජය වන අතර මෙම වසරේදී ලද 19 වැනි පරාජය වශයෙන්ද සටහන් වේ. ශ්‍රී ලංකාව එක්‌දින ක්‍රිකට්‌ ඉතිහාසයේ ලබා ඇති වැඩිම පරාජයන් සංඛ්‍යාව වාර්තා වන්නේ 1987 දශකයේදී දුලිප් මෙන්ඩිස්‌ සහ රන්ජන් මඩුගල්ලගේ නායකත්වයේ වන අතර එම වකවානුවේ එකදිගට තරග 14 ක්‌ පරාජය වී තිබේ. ලොව වැඩිම පරාජයන් සංඛ්‍යාවක්‌ එක දිගට ලබා ඇත්තේ බංග්ලාදේශයයි. 1999 සිට ඔවුන් තරග 47 ක්‌ එක දිගට පරාජය වී තිබේ.

ශ්‍රී ලංකා පිලේ කඩුලු 7 ක්‌ ලකුණු 99 කදී බිඳ වැටී තිබියදී ළහිරු තිරිමාන්න පන්දු 94 කදී හතරේ පහර හතරක්‌ සමග අර්ධ ශතකයක්‌ (62) වාර්තා නොකරන්නට ශ්‍රී ලංකා පිලේ තත්ත්වය තවත් බැරෑරුම් වීමට ඉඩ තිබුණි. පළමු පන්දුවාර දහය අවසන් වන විට කඩුලු එකට ලකුණු පනහේ සීමාව පන්නා යැමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වුවත් චන්දිමාල්ගේ දුවද්දී දැවී යාමත් සමග ශ්‍රී ලංකා පිලේ කඩා වැටීම ඉක්‌මන් විය.

ශාන්ත ජෝශප් විදුහල නියෝජනය කළ සදීර සමරවික්‍රම මෙම තරගයේදී එක්‌දින වරම් ලැබුවද ඔහුට ලකුණු ලබාගැනීමට නොහැකි විය. පළමු පෙළ තරග 28 කදී ශතක හයක්‌ සහ අර්ධ ශතක 11 ක්‌ සමග ඉනිමක සාමාන්‍ය 46.18 ක්‌ රඳවා ගැනීමට සමත්ව තිබේ. එහෙත් ඔහුගේ පළමු පෙළ එක්‌දින තරගවලදී ලබා ඇත්තේ අර්ධ ශතක හතරක්‌ පමණි. පසුගියදා පාකිස්‌තානයට එරෙහිව ටෙස්‌ට්‌ වරම් ලැබීමටද මෙම 22 හැවිරිදි යොවුන් ක්‍රීඩකයා සමත් විය.

ලකුණු තත්ත්වය

ශ්‍රී ලංකාව පන්දුවාර 43.4 කදී සියල්ල දැවී ලකුණු 173 යි. (නිරෝෂන් දික්‌වැල්ල 22, දිනේෂ් චන්දිමාල් 16, ළහිරු තිරිමාන්න 62, සදීර සමරවික්‍රම 00, මිලින්ද සිරිවර්ධන 13, සීක්‌කුගේ ප්‍රසන්න 05, තිසර පෙරේරා 00, අකිල ධනංජය 18, සුරංග ලක්‌මාල් 23, ළහිරු ගමගේ නොදැවී 01, හසන් අලී 37/3, සහදබ් ඛාන් 29/2 යි.)

පාකිස්‌තානය පන්දුවාර 39 කදී කඩුලු 03 ට ලකුණු 177 යි. (ඉමාම් උල් හක්‌ 02, µdකර් සමාන් 17, බාබර් අසාම් නොදැවී 69, මොහොම හµSස්‌ 09, ෂොයිබ් මලික්‌ නොදැවී 69, ගමගේ 27/1, ධනංජය 29/1, ප්‍රසන්න 44/1 යි.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here