යුද අපරාධ ලොක්‌කාට ෆෙඩරල් යෝජනා භාරදෙයි

0
756

උතුර, නැගෙනහිර සඳහා ෆෙඩරල් පාලනයක්‌ ස්‌ථාපිත කරන ලෙස හා ශ්‍රී ලංකා හමුදාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සොයාබැලීමට ද්විත්ව විමර්ශනයක්‌ ආරම්භ කරන ලෙසත් උතුරු, නැගෙනහිර සම්බන්ධීකරණ කමිටුව එක්‌සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිප් වෙතින් ඉල්ලා ඇත.

ත්‍රිකුණාමලයේදී එක්‌සත් ජාතීන්ගේ නියෝජිතයා හමුවේ සාකච්ඡාවක්‌ පවත්වා ඇති මෙම සංවිධානය ඉල්ලීම් රැසක්‌ ඉදිරිපත් කරමින් පිටු 6 ක සංදේශයක්‌ භාර දී තිබේ.

යුද අපරාධ චෝදනා ගැන විමර්ශනයට ජාත්‍යන්තර අධිකරණයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවත් උතුරේ සිටින හමුදාව සියයට 70 කින් අඩු කරන ලෙසත් මෙම සංදේශයේ දක්‌වා ඇත.

එසේම ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන්ට දේශපාලන විසඳුමක්‌ ලබාදීම සඳහා ලෙසද උතුරු, නැගෙනහිර සම්බන්ධීකරණ කමිටුව තවදුරටත් ඉල්ලා ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here