Tuesday, October 22, 2024

උමා ඔය කාන්දුවන ජල ප්‍රමාණය පහළ යයි

උමා ඔය ව්‍යාපෘතියේ ප්‍රධාන උමඟට කාන්දුවන ජල ප්‍රමාණය මේ වන විට අඩුවෙමින් පවතින බවට තොරතුරු අනාවරණය වී තිබේ.

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වෙයි.

මීට පෙර ප්‍රධාන උමඟට තප්පරයට ලීටර් 1460ක පමණ ජලය ප්‍රමාණයක් කාන්දු වී ඇති අතර එය මේ වන විට තප්පරයට ලීටර් 550ත් 650ත් අතර ප්‍රමාණයකට අඩු වී ඇති බව ඉංජිනේරුවරුන් පෙන්වා දී ඇත.

දැනට සිදු කරන ඉදිකිරිම් හේතුවෙන් මෙම ජලය කාන්දුවීම නතර වී ඇති බව ද ඉංජිනේරුවරුන් සඳහන් කර තිබේ.

ඉදිරි මාස 03ක පමණ කාලය තුළ මෙම කාන්දුවන ජල ප්‍රමාණය තවදුරටත් අඩු කර ගැනිමට හැකි වනු ඇති බව ඉංජිනේරුවරුන් පෙන්වා දී ඇත.

මේ අතර බණ්ඩාරවෙල ප්‍රදේශයේ සීදි ගිය ළිං විශාල සංඛ්‍යාවක මේ වන විට ජලය පිරි ඇති ආකාරය දක්නට ලැබෙන බවට ද මෙම සාකච්ඡාවේදී තොරතුරු අනාවරණය වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles